රුපියල් දෙකෝටි හැත්තෑ හයලක්ෂ විසි දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අද (09) අලුයාම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතිකයෙක්.
මෙම ඉන්දියන් ජාතිකයා අද (09) අලුයම 12.10ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 047 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 762ක ප්‍රමාණයක් සඟවා තිබිය දී සොයා ගැනුණා.
සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අද (09) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



