AFC Banner
AFC Banner
Empty Ad

දෙකෝටිය ඉක්ම වූ කුෂ් මෙරටට ගෙනා ඉන්දීය ජාතිකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සූක්ෂ්ම අයුරින් විදෙස් රටක සිට මෙරටට කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන ආ ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඊයේ (20) රාත්‍රියේ දී මෙම ගුවන් මගියා මධ්‍යම රාත්‍රී 11.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමේ දියි මෙලෙස අත් අඩංගුවට ගැනුණේ.

සැකකරු 33 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු බවටත් තොරතුරු වාර්තා වනවා.

ඔහු මෙරටට ගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු ඇසුරුම් තුළ සඟවා පැමිණි බවත් ඒවායේ වෙළෙඳපොළ අගය රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් අනාවරණය වී තිබෙනවා.

එම කුෂ් මත්ද්‍රව්‍යය ප්‍රමාණයේ බර කිලෝග්‍රෑමයක් සහ ග්‍රෑම් 900ක්.

මේ වනවිට (21) මෙම ඉන්දීය ජාතික ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , එළඹෙන 26 දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට අවසර හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?