දෙකෝටිය ඉක්ම වූ කුෂ් මෙරටට ගෙනා ඉන්දීය ජාතිකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සූක්ෂ්ම අයුරින් විදෙස් රටක සිට මෙරටට කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන ආ ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඊයේ (20) රාත්‍රියේ දී මෙම ගුවන් මගියා මධ්‍යම රාත්‍රී 11.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමේ දියි මෙලෙස අත් අඩංගුවට ගැනුණේ.

සැකකරු 33 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු බවටත් තොරතුරු වාර්තා වනවා.

ඔහු මෙරටට ගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු ඇසුරුම් තුළ සඟවා පැමිණි බවත් ඒවායේ වෙළෙඳපොළ අගය රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් අනාවරණය වී තිබෙනවා.

එම කුෂ් මත්ද්‍රව්‍යය ප්‍රමාණයේ බර කිලෝග්‍රෑමයක් සහ ග්‍රෑම් 900ක්.

මේ වනවිට (21) මෙම ඉන්දීය ජාතික ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , එළඹෙන 26 දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට අවසර හිමි ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39