දූෂිත ටෙන්ඩරයක් මඟින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කර පාඩු සිදුකර ඇති බව අනාවරණයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, ඒ පිළිබඳව ඕනෑම නාළිකාවක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අභියෝග කරනවා.
එම අභියෝගය එල්ල කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන පෙන්වන බවයි.
වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කරමින්, මන්ත්‍රී ඩී.වී. චානක මහා පරිමාණ ගල්අඟුරු වංචාවක තොරතුරු පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.
එහිදී චෝදනා කරමින් චානක මන්ත්‍රීවරයා පැවසුවේ සාමාන්‍යෙයන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල් අඟුරු ටෙන්ඩරය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවයි.
එමෙන්ම දිවයිනට ගෙන ආ පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර,ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතු බවත් මන්ත්‍රීවරයා චෝදනා කරමින් සඳහන් කර සිටියා.














