දූෂිත ගල්අඟුරු ගනුදෙනුව ගැන විවාදයකට බලශක්ති ඇමතිට අභියෝගයක්

දූෂිත ටෙන්ඩරයක් මඟින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කර පාඩු සිදුකර ඇති බව අනාවරණයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, ඒ පිළිබඳව ඕනෑම නාළිකාවක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අභියෝග කරනවා.

එම අභියෝගය එල්ල කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන පෙන්වන බවයි.

වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කරමින්, මන්ත්‍රී ඩී.වී. චානක මහා පරිමාණ ගල්අඟුරු වංචාවක තොරතුරු පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

එහිදී චෝදනා කරමින් චානක මන්ත්‍රීවරයා පැවසුවේ සාමාන්‍යෙයන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල් අඟුරු ටෙන්ඩරය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවයි.

එමෙන්ම දිවයිනට ගෙන ආ පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර,ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතු බවත් මන්ත්‍රීවරයා චෝදනා කරමින් සඳහන් කර සිටියා.

  1. මූ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ආණ්ඩුවට එරෙහිව අභූත චෝදනා නගනවා මුන් අද ඉන්නේ බද්ද වයිරයෙන්.. හැබැයි මුට පුළුවන් නම් ඔය චෝදනව එලියට ඇවිත් කියන්න කියලා අබියෝග කරනවා විෂය බාර අමාත්‍ය වරයා.. කෝ ඉතින් ඇවිත් කියපන්.. එදා අනුර පාර්ලිමේන්තුවෙත් එලියේත් රාජපක්ෂලගේත් රනිල්ගේත් දුෂණ කිව්වා එදා අනුර කිව්වේ එලියට ඇවිත් පුළුවන් නම් බොරුනම් දාන්න නඩු කියලා.. අපි කියනවා චානක උඹත් එහෙම අබියෝග කරපන් පුළුවන්නම්…
    උඹ තමයි එදා කුඩු ICE ගෙනාවේ දකුණට උඹේ මාමව මැරුවේ අම්බලන්ගොඩදි මොකක්ද හේතුව කුඩු සල්ලි බෙදා ගන්න ගිහින්.. රාජපක්ෂලගේ පියන් උඹ එච්චරයි සුදුසු කම