දූෂිත ගල්අඟුරු ගනුදෙනුව ගැන විවාදයකට බලශක්ති ඇමතිට අභියෝගයක්

දූෂිත ටෙන්ඩරයක් මඟින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කර පාඩු සිදුකර ඇති බව අනාවරණයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, ඒ පිළිබඳව ඕනෑම නාළිකාවක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අභියෝග කරනවා.

එම අභියෝගය එල්ල කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන පෙන්වන බවයි.

වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කරමින්, මන්ත්‍රී ඩී.වී. චානක මහා පරිමාණ ගල්අඟුරු වංචාවක තොරතුරු පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

එහිදී චෝදනා කරමින් චානක මන්ත්‍රීවරයා පැවසුවේ සාමාන්‍යෙයන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල් අඟුරු ටෙන්ඩරය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවයි.

එමෙන්ම දිවයිනට ගෙන ආ පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර,ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතු බවත් මන්ත්‍රීවරයා චෝදනා කරමින් සඳහන් කර සිටියා.

  1. මූ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ආණ්ඩුවට එරෙහිව අභූත චෝදනා නගනවා මුන් අද ඉන්නේ බද්ද වයිරයෙන්.. හැබැයි මුට පුළුවන් නම් ඔය චෝදනව එලියට ඇවිත් කියන්න කියලා අබියෝග කරනවා විෂය බාර අමාත්‍ය වරයා.. කෝ ඉතින් ඇවිත් කියපන්.. එදා අනුර පාර්ලිමේන්තුවෙත් එලියේත් රාජපක්ෂලගේත් රනිල්ගේත් දුෂණ කිව්වා එදා අනුර කිව්වේ එලියට ඇවිත් පුළුවන් නම් බොරුනම් දාන්න නඩු කියලා.. අපි කියනවා චානක උඹත් එහෙම අබියෝග කරපන් පුළුවන්නම්…
    උඹ තමයි එදා කුඩු ICE ගෙනාවේ දකුණට උඹේ මාමව මැරුවේ අම්බලන්ගොඩදි මොකක්ද හේතුව කුඩු සල්ලි බෙදා ගන්න ගිහින්.. රාජපක්ෂලගේ පියන් උඹ එච්චරයි සුදුසු කම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24