දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතිපතිට

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

එහි ව්‍යවස්ථානුකුල භාවය තහවුරු කිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත දූෂණ මර්දන කොමිෂන් සභාව හරහා අවශ්‍ය අවස්ථාවන්හි පරීක්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?