දූෂණයට ලක්ව දින ගණනක් සිහිසුන්ව සිටි කාන්තාවක් රෝහලේ දී ජීවිතක්ෂයට

කරන්දෙණිය පොලිස් වසමේ තල්ගහවත්ත, මුල්කැටියාතොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය 21 වනදා සිහිසුන්ව නිවස තුළ වැටී සිටිය දී එය දුටු අසල්වාසියෙක් ඇයව සුවසැරිය ගිලන් රථයකින් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දින කිහිපයක් ඇය සිහිසුන්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 25 වනදා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඇයගේ මෘත ශරීරය පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන්ට සිරුරේ සීරීම් හා තුවාල සිදුව ඇති ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් මතු වූ සැකය මත වැඩිදුරටත් සිදුකරන ලද පරීක්ෂණවල දී ඇය දූෂණයට ලක්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මේ පිළිබඳව කරන්දෙණිය පොලිසිය දැනුවත් කිරීමට රෝහල කටයුතු කර ඇති අතර, පසුව පොලිසිය විසින් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු විසින් අදාළ කාන්තාව දූෂණය කර ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අදාළ කාන්තාවගේ නිවසට නිරත ආ ගිය පුද්ගලයෙක්.

මේ අතර සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මියගිය කාන්තාව 74 හැවිරිදි වියේ පසුවන අතර, ඇය නිවසේ තනිව ජීවත්ව සිට ඇති බවයි වාර්තා වුණේ.

මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී අනිද්දා (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව කරන්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
1
+1
5
+1
17
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?