දූරකථනයකට දුරදිග ගිය ආරවුලෙන් අඹු – සැමි යුවලක් රෝහලේ

යකඩ කූරකින් හා පිහියකින් පහර දී අඹු – සැමි යුවලකට තුවාල සිදු කළ පිය -පුතු දෙපලක් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; සිද්ධියෙන් තුවාල ලබා ඇති මාදම්පේ ඇහැලලන්ද – ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අධිකාරී මුදියන්සේලාගේ සුසන්තා මාලනී යන අය ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර, සුළු තුවාල ලබා ඇති ඇයගේ ස්වාමි පුරුෂයා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බවයි.

ඊයේ (11) පෙරවරු 10.30 ට පමණ මෙම පහර දීම සිදු වී තිබෙනවා.

දුරකතනයක් පිළිබඳ ව ඇති වූ කතාබහක් පහරදීමට හේතුව බව පොලීසිය පවසනවා.

සැකකාර පියා මුලින්ම තුවාලකාරියගේ නිවස අසලට පැමිණ ආරවුල ඇති කරගෙන ඇති බවත්,පසුව සැකකාර පියා – සහ පුතා එක්ව යකඩ පොල්ලකින් සහ පිහියකින් පහරදීම සිදු කර ඇති බවත් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධියෙන් පසුව සැකකාර පිය – පුතු දෙදෙනා ප්‍රදේශය අතහැර පලා ගොස් තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මාදම්පේ පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?