දුෂ්මන්ත චමීරට මෙල්බර්න් නුවර දී ශල්‍යකර්මයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතර තුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශල්‍යකර්මයකට මුහුණදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

දුෂ්මන්ත හෙට දිනයේ මෙල්බර්න් නුවර දී මෙම ශල්‍යකර්මයකට මුහුණදීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ UAE කණ්ඩායමට එරෙහි මූලික වටයේ පසුගිය (18) වනදා පැවති තරගයේ දී චමීර පාදයේ අබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලිය අවාසනාවන්ත ලෙස ඔහුට අහිමි වී ගියා.

ඔහුගේ පාදයේ වළලුකර ආශ්‍රිතව මෙම ආබාධය ඇතිවී ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ.

මීට පෙර නිමා වූ ආසියානු කුසලානය ද ඔහුට අහිමිව ගියේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?