දුවයි පුතයි ඝාතනය කළ පියා ගෙල කපාගෙන

අද (14) උදෑසන පෙරියනීලාවනි පොලිස් වසමේ පාක්කියතුසාලියා පාර ප්‍රදේශයේ නිවසකදී පියා විසින් තම දියණියගේ හා පුතාගේ ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.

මරණකරු 29 හැවිරිදි අයෙක් සහ මරණකාරිය 15 හැවිරිදි පෙරියනීලාවනි ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

මෙම ඝාතනයෙන් පසු සැකකාර පියාද සියදිවි හානි කර ගැනීම සඳහා ගෙළ කපාගෙන ඇති අතර, ඔහු මේ වනවිට කල්මුණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සැකකරුගේ බිරිඳ මීට වසරකට පමණ පෙර මිය ගොස් ඇති බවත්, ඝාතනයට ලක් වූ දරුවන් උපතින්ම කතා කිරීමට නොහැකි දරුවන් බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අම්පාර රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

පෙරියනීලාවනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?