දුවට Class කරපු කාමාරතුර ගුරා කුස්සියේ සිටි මවට ඉගැන්වීමට ගිය පාඩම

රටේ පවතින තත්වය නිසා පාසල් වසා දමා තිබෙන බැවින් තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයකු සොයා තිබෙනවා.

ඇගේ මිතුරියක් පවසා ඇත්තේ ගණිතය විෂයට ඉතා දක්ෂ ලෙස උගන්වන තරුණ ගුරුවරයෙකු පිළිබඳව තමා දන්නා බවයි.

රටේ පවතින තත්වය නිසා පාසල් වසා දමා තිබෙන බැවින් තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයකු සොයා තිබෙනවා.ඇගේ මිතුරියක් පවසා ඇත්තේ ගණිතය විෂයට ඉතා දක්ෂ ලෙස උගන්වන තරුණ ගුරුවරයෙකු පිළිබඳව තමා දන්නා බවයි.

ඉන් පසුව ඇය එම ගුරුවරයා ගේ දුරකථන අංකයද ඉල්ලා ගෙන නිවසට පැමිණ තම දියණියට ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකි දැයි විමසා තිබෙන අතර එම යෝජනාවට එක්වරම කැමති වී ඇති තරුණ ගුරුවරයා පවසා ඇත්තේ ඒ සඳහා දිනයක් සහ වේලාවක් යොදා ගන්නා ලෙසයි.

ඒ අනුව පසුගිය සතියේ දිනෙක එම මව විසින් සවස් කාලයේ වෙලාවක් යොදාගෙන අදාළ ගුරුවරයාට ද දන්වා තිබෙනවා.

තමා එදින අනිවාර්යෙන්ම දියණියගේ පන්තියට ඉගැන්වීම් සඳහා පැමිණෙන බව එම ගුරුවරයා පවසා තිබෙනවා.අදාළ මවද දැඩි සතුටට පත්ව ඇත්තේ ගණිතය විෂයය සඳහා තම දියණිය කාලයක් තිස්සේම දුර්වලව සිටි නිසාවෙනුයි.

එදින සවස නිවසට පැමිණ ගුරුවරයා විමසා ඇත්තේ පන්ති සිදු කරන්නේ කොහෙද කියායි.

සාලයේ පන්තියේ සිදුකළ හැකි බව අදාළ මව විසින් පවසා තිබෙනවා .දියණියට ගුරුවරයා උගන්වන ආකාරය ටික වෙලාවක් නිරීක්ෂණය කළ මව රාත්‍රී ආහාරය පිසීම සඳහා කුස්සියට ගොස් තිබෙන්නේ ඉන් පසුවයි.

විනාඩි කිහිපයකින් ඇයට දැනී ඇත්තේ යම් පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ඇයව ස්පර්ශ කිරීමට උත්සාහ ගන්නා බවයි.වහාම හැරී බැලූ ඇය දැක ඇත්තේ අදාළ ගුරුවරයා මෙලෙස තමා ව ස්පර්ශ කිරීමට උත්සාහ දරන බවයි.එකවරම ඇය කෑගසාගෙන සාලයට දුවගොස් තිබෙනවා.

තමාට අභ්‍යාසයක් කිරීමට යැයි පවසා ගුරුවරයා මව සොයාගෙන ගිය බවයි දියණිය පවසා ඇත්තේ.

අදාළ මවගේ කෑගැසීම නිසා ගුරුවරයා ඉක්මනින්ම එම ස්ථානයෙන් දුවගෙන ගොස් ඇති අතර තමාට එම ගුරුවරයාව සම්බන්ධ කර දුන් තම මිතුරියට ද ඇය මේ පිළිබඳව දන්වා තිබෙනවා .ඔහුගේ එවන් හැසිරීමක් පිළිබඳව තමා නොදැන සිටි බැවින් සමා වන ලෙසට මිතුරිය පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?