AFC Banner
Empty Ad
Empty Ad

දුවට නරක SMS යැව්වයි කියා අම්මයි තාත්තායි කොල්ලකු පැහැරගෙන

වේයන්ගොඩ ප‍්‍රදේශයේ 16 හැවිරිදි උපකාරක පංතියක සිසුවකු එම පන්තියේ සිසුවියකගේ දෙමාපියන් විසින් පැහැරගෙන යෑමේදී අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප‍්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළක්. තරුණයා පැහැර ගැනීම සිදුකළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ සිසුවා සිය ජංගම දුරකථනය මගින් සිසුවියගේ ජංගම දුරකථනයට පරුෂ වචන ඇතුලත් SMS පණිවිඩ යවමින් සිසුවියට සිදුකරන ලද අඩත්තේට්ටම් හේතුවෙන් එම සිසුවියගේ දෙමාපියන් විසින් තරුණයා පැහැරගෙන ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

තරුණයා සිය ජංගම දුරකථනය විකිණීමට ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් පළ කර තිබෙනු දුටු සැකකාර දෙමාපියන් එම ජංගම දුරකථනය තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය යැයි පවසා සිසුවා වේයන්ගොඩ ප‍්‍රදේශයට ගෙන්වාගෙන මෙසේ පැහැර ගැනීම සිදු කර ඇති බව පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?