Empty Ad
Empty Ad
AFC Banner

දුරකතන වර්ග 49ක WhatsApp නවතී

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය සන්නිවේදන පණිවුඩකරණ සේවාවක් වන WhatsApp ලබන 31 වනදා සිට විවිධ මාදිලියේ ස්මාර්ට්ෆෝන් 49ක් සඳහා ක්‍රියාත්මක වීම නතර කිරීමට සැලසුම් කර තිබෙනවා.

දුරකතන උපාංග මෙන්ම මෘදුකාංග නිරන්තරයෙන් වෙනස්වන බැවින් යාවත්කාලීන විය යුතු මෙහෙයුම් පද්ධතීන් පිළිබඳ නිරන්තරයෙන් සමාලෝචනය කරමින් සිටින බවයි WhatsApp සමාගම ප්‍රකාශකර ඇත්තේ.

මෙහෙයුම් නතර කෙරෙන දුරකතන වර්ගවල හි නවතම යාවත්කාලීන කිරීම් නොතිබීම හෝ WhatsApp ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රියාකාරීත්වයක් නොමැති වීම මත එම දුරකතනවලට WhatsApp ක්‍රියාත්මක වීමට සහාය ලබාදීම නතර කෙරෙනු ඇති.

WhatsApp විසින් මෙම පැරණි දුරකථනවල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම නතර කිරීමක් මෙමගින් අදහස් නොවන අතර එයින් අදහස් වන්නේ සමාගම යාවත්කාලීන කිරීම් සමඟ ඒවාට සහාය නොදක්වන බවයි. එබැවින් දෝෂ සහ අනෙකුත් ගැටළු සඳහා කිසිදු විසදුමක් නොලැබෙනු ඇති.

ඒ හා සමානව, නිකුත් කරනු ලබන කිසිදු නව WhatsApp විශේෂාංග වෙත ප්‍රවේශය ද අදාළ දුරකථන සඳහා නොලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

හැකියාවක් ඇත්නම් නම්, පැරණි දරකථන උපාංගයේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කර සාමාන්‍ය පරිදි WhatsApp භාවිතා කිරීම දිගටම කරගෙන යාමට හැකි වනු ඇති.

උපාංගය මෑතකාලීන මෙහෙයුම් පද්ධතිදයකට යාවත්කාලීන කළ නොහැකි නම්, නව දුරකථනයක් මිලදී ගැනීමට සිදුවනවා.

ලබන සතියෙන් පසු WhatsApp නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වන දුරකථනවල සම්පූර්ණ ලැයිස්තුව මෙන්න.

iPhone 5

Phone 5c

Archos 53 Platinum

Grand S Flex ZTE

Grand X Quad V987 ZTE

HTC Desire 500

Huawei Ascend D

Huawei Ascend D1

Huawei Ascend D2

Huawei Ascend G740

Huawei Ascend Mate

Huawei Ascend P1

Quad XL

Lenovo A820

LG Enact

LG Lucid 2

LG Optimus 4X HD

LG Optimus F3

LG Optimus F3Q

LG Optimus F5

LG Optimus F6

LG Optimus F7

LG Optimus L2 II

LG Optimus L3 II

LG Optimus L3 II Dual

LG Optimus L4 II

LG Optimus L4 II Dual

LG Optimus L5

LG Optimus L5 Dual

LG Optimus L5 II

LG Optimus L7

LG Optimus L7 II

LG Optimus L7 II Dual

LG Optimus Nitro HD

Memo ZTE V956

Samsung Galaxy Ace 2

Samsung Galaxy Core

Samsung Galaxy S2

Samsung Galaxy S3 mini

Samsung Galaxy Trend II

Samsung Galaxy Trend Lite

Samsung Galaxy Xcover 2

Sony Xperia Arc S

Sony Xperia miro

Sony Xperia Neo L

Wiko Cink Five

Wiko Darknight ZT

WhatsApp Apple හි iOS 9 සහ ඉහළ, සහ Android v4.3 සහ ඉහළ ඒවාට අඛණ්ඩව සහාය ලබා ගැනීමට හැකියාව පවතිනවා.

Android 4.3 හෝ ඊට පහළ ඕනෑම දුරකථනයක්, සහ iOS 9 හෝ ඊට පහළ දුරකථන, දෙසැම්බර් 31 වැනිදායින් පසු WhatsApp විශ්වාසනීය ලෙස ක්‍රියාත්මක නොවනු ඇති. දැනටමත් Android 2.3.7 සහ iOS 8 ධාවනය වන ස්මාර්ට්ෆෝන් සඳහා සහය දැක්වීම මේ වසරේ පෙබරවාරි මාසයේදී අවසන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?