හැව්ලොක් සුපිරි නිවාස සංකීර්ණයේ දී පොලිස් භාරයට ගැනුණු රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රතිශෝධන අයදුම්පත (ඇප ඉල්ලීම) සලකා බැලීමට අධිකරණය අද (30) නියම කළා.
දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අදාළ ඇප ඉල්ලීම සලකා බලමින් එම ඇප ඉල්ලීම ජුලි මස 14 වැනි දින කැඳවීමට නියෝග කළ බවයි.
සැකකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙන්වා දුන් කරුණු සලකා බලමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.
එකී නියෝගය ලබාදෙමින් අධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේ නඩුවේ තුන්වැනි සැකකරුට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී ඇති බවත්, විමර්ශන නිලධාරීන්ට තුන්වැනි සැකකරු විසින් ලබා දී ඇති ප්‍රකාශ හා සාක්ෂි ගැන ද තම අධිකරණයට මීලඟ නඩු වාරයේ දී දැනුම්දෙන ලෙසත් සඳහන් කෙරුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු වන බව තමන්ට පෙනී යන බවත් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.





