දුමින්දගේ ඇප ඉල්ලීම සලකා බැලීම ජුලි 14

හැව්ලොක් සුපිරි නිවාස සංකීර්ණයේ දී පොලිස් භාරයට ගැනුණු රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රතිශෝධන අයදුම්පත (ඇප ඉල්ලීම) සලකා බැලීමට අධිකරණය අද (30) නියම කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අදාළ ඇප ඉල්ලීම සලකා බලමින් එම ඇප ඉල්ලීම ජුලි මස 14 වැනි දින කැඳවීමට නියෝග කළ බවයි.

සැකකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙන්වා දුන් කරුණු සලකා බලමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.

එකී නියෝගය ලබාදෙමින් අධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේ නඩුවේ තුන්වැනි සැකකරුට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී ඇති බවත්, විමර්ශන නිලධාරීන්ට තුන්වැනි සැකකරු විසින් ලබා දී ඇති ප්‍රකාශ හා සාක්ෂි ගැන ද තම අධිකරණයට මීලඟ නඩු වාරයේ දී දැනුම්දෙන ලෙසත් සඳහන් කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු වන බව තමන්ට පෙනී යන බවත් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20