AFC Banner
Empty Ad
Empty Ad

දුම් කුඩු සහ සිගරට් තොගයක් ළඟ තබාගත් පාසල් ලමුන් තිදෙනකු අත්අඩංගුවට

දුම් කුඩු සහ සිගරට් තොගයක් ළඟ තබාගත් පාසල් ලමුන් තිදෙනකු උපකාරක පන්තියකට සහභාගි වීමට යමින් සිටියදී ඊයේ (03) දහවල් මැදවච්චිය බස්නැවතුම්පොලේ දී අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසනවා.

මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී රත්නායක මහතා විසින් මැදවච්චිය නගරයේදී ඊයෙ(03) දහවල් සිදු කළ හදිසි පරීක්ෂාවකදී මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මැදවච්චිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන අවුරුදු දා හතර සහ පහලොව යන වයස් සීමාවන් වල පසුවන්නන් බවයි පැවසෙන්නේ.

පසුව දරුවන්ගේ දෙමාව්පියන්ද ගෙන්වා නැවත මෙවැනි වැරදි නොකරන ලෙසට දැඩිව අවවාද කොට මුදාහල බව පොලීසිය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?