දුම්වැටි නිෂ්පාදන බදු වැඩි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ පනවා ඇති නියමයට අනුව දුම්වැටි සඳහා නිෂ්පාදන බදු වැඩි කිරීමට අදාළ සවිස්තරාත්මක කරුණු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

2025.03.11 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කළා.

දුම්වැටි සඳහා නිෂ්පාදන බදු වැඩි කිරීම, ඊට අදාළ නිශ්චිත දත්ත නොමැතිව අනුමත කළ නොහැකි බව මීට පෙර පැවති මුදල් කාරක සභා රැස්වීමේ දී කාරක සභාව ප්‍රකාශ කළ අතර, ඒ අනුව දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද වැඩි කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාධාරණ දත්ත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරුණා.

ඒ, අනුව දුම්වැටිවලින් ලැබෙන නිෂ්පාදන බදු ආදායම පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයන් මගින් මෙම ගණනය කිරීමේ ක්‍රමය, රජයේ ආදායම අඩුවීමට මෙන්ම නිශ්චිත නිෂ්පාදන සමාගම්වල ලාභ වැඩි කිරීමට හේතු වන අයුරු පෙන්නුම් කරන බවත් කාරක සභාව විසින් පෙන්වා දුන්නා.

එබැවින්, මෙම බදු සංශෝධනය සත්‍ය වශයෙන්ම රජයේ ආදායම වැඩිකිරීමට හේතුවන බව සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව, නිෂ්පාදන බදු වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් තවදුරටත් පැහැදිලි කිරීම් ලබා ගැනීමෙන් පසුව නැවත සලකා බැලීමට එම රැස්වීමේ දී තීරණය කළා.

ඒ, අනුව කාරක සභාවේ දී දීර්ඝ ලෙස සළකා බැලීමෙන් පසු, 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ නියමයට අදාළ අනුමතිය හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?