දුම්වැටි නිෂ්පාදන බදු වැඩි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ පනවා ඇති නියමයට අනුව දුම්වැටි සඳහා නිෂ්පාදන බදු වැඩි කිරීමට අදාළ සවිස්තරාත්මක කරුණු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

2025.03.11 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කළා.

දුම්වැටි සඳහා නිෂ්පාදන බදු වැඩි කිරීම, ඊට අදාළ නිශ්චිත දත්ත නොමැතිව අනුමත කළ නොහැකි බව මීට පෙර පැවති මුදල් කාරක සභා රැස්වීමේ දී කාරක සභාව ප්‍රකාශ කළ අතර, ඒ අනුව දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද වැඩි කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාධාරණ දත්ත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරුණා.

ඒ, අනුව දුම්වැටිවලින් ලැබෙන නිෂ්පාදන බදු ආදායම පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයන් මගින් මෙම ගණනය කිරීමේ ක්‍රමය, රජයේ ආදායම අඩුවීමට මෙන්ම නිශ්චිත නිෂ්පාදන සමාගම්වල ලාභ වැඩි කිරීමට හේතු වන අයුරු පෙන්නුම් කරන බවත් කාරක සභාව විසින් පෙන්වා දුන්නා.

එබැවින්, මෙම බදු සංශෝධනය සත්‍ය වශයෙන්ම රජයේ ආදායම වැඩිකිරීමට හේතුවන බව සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව, නිෂ්පාදන බදු වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් තවදුරටත් පැහැදිලි කිරීම් ලබා ගැනීමෙන් පසුව නැවත සලකා බැලීමට එම රැස්වීමේ දී තීරණය කළා.

ඒ, අනුව කාරක සභාවේ දී දීර්ඝ ලෙස සළකා බැලීමෙන් පසු, 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ නියමයට අදාළ අනුමතිය හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29