දුම්රිය වේදිකාවට ගෙන ආ රියදුරුගේ වැඩ තහනම්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටී දුම්රියක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් අදාළ දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිට වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ සිද්ධිය පිළිබඳව අභ්‍යනතර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළගේ සඳහන් කළේ.

ඊයේ (15) පස්වරුවේ හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබූ දුම්රියක් කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේ දී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකිව වේදිකාවේ ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?