දුම්රිය මගීන්ට දැනුම්දීමක්

අද (15) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ ඊයේ (14) දහවල් ආරම්භ කළ ක්ෂණික වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ පස්වරුවේ අත්හිටුවීමට කටයුතු කළ බවය.

එහෙත් දුම්රිය ධාවනය යථාවත් කිරීමට පාලනාධිකාරිය කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී ජනතාව අපහසුතාවයකට පත් නොකර වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වල නිරත වන බව සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර රාජකාරියට බාධා කිරිමේ චෝදනා යටතේ විනය ක්‍රියාමාර්ග ගත් ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා මේ වන විට විනය කරුණුවලට යටත්ව සේවයේ පිහිටුවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

අදාළ කරුණ මුල්කර ගනිමින් ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ ක්ෂණික වැඩවර්ජනය හේතුවෙන් අවලංගු වූ කලින් වෙන්කර ගත් අවසර පත්‍ර සඳහා මුදල් ලබා දෙන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

අද දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වුවද යම් යම් ප්‍රමාදයන් සිදුවීමට හැකි බව ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40