දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට සැරසෙයි

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇති බව ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කරනවා.

මගී ජනතාවට උපරිම කාර්යක්ෂම සේවයක් සැලසෙන ආකාරයට මෙය සිදු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා වෙනත් ප්‍රතිලාභ අහිමි නොකරන හෝ කප්පාදු නොකෙරෙන ආකාරයට එම කටයුත්ත කිරීම අරමුණ බවද අමාත්‍යවරයා පවසා සිටියා.

කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කළ යුතු බවට යෝජනාවන් කිහිපයක්ම පසුගිය කාලය තුළ රජය වෙත ඉදිරිපත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?