දුම්රියේ දී මුහුණ දුන් සිදුවීමක් ගැන ස්වාමීන් වහන්සේ නමකගෙන් සංවේදී සටහනක්

ගම්පොල සිට ගල්බොඩ දක්වා දුම්රියෙන් ගමන් කරන අවස්ථාවේ එහි සිටි කිසිවෙකුත් ආසනයක් ලබා නොදීම පිළිබඳ ස්වාමීන් වහන්සේ නමක් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ තම සොහොයුරා සමග ගමන් කරමින් සිටියදී මෙම සිදු වීමට මුහුණ දුන් බවයි.

ගමන් කරන ස්ථානය පිළිබඳ එක් කාන්තාවක් විමසීමක් කළ ද කිසිවෙකුත් තමන්ට අසුනක් පිරිනැමීමට ඉදිරිපත් නොවූ බවයි උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ.

මේ හේතුවෙන් කිලෝමීටර් 38ක පමණ දුරක් දුම්රියේ සිටගෙන ගමන් කිරීමට සිදු වූ අතර තම දෑසට ඉනූ කඳුළු යටපත් කරමින් සිහිපත් කළේ මෙරට ජනතාවගේ සදාචාරය පිළිබඳව බව මෙම ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා.

යළිත් ගම්පොල දක්වා පැමිණීමේදී ද දුම්රියෙන් ගමන් කළ අතර එහිදී දුම්රියේ මැදට නොගොස් එම සම්පූර්ණ ගමන දුම්රියේ දොරටුව අසල සිටගෙන පැමිණි බවයි උන්වහන්සේ ෆේස් බුක් ගිණුමේ තැබූ සටහනේ දැක්වෙන්නේ.

අදාළ සම්පූර්ණ සටහන පහතින්.

Pallewatte Podi Sadu

දිනය 2023/04/24
කොළඹ – බදුල්ල කෝච්චිය.

මේ සිදුවීම මට වුණු සිදුවීමක් . ගම්පොළ ඉදන් කෝච්චියට ගොඩ උනේ මමයි මල්ලියි ගල්බොඩට යන්න.
විදේශිකයන් කිහිප දෙනෙක් පමණ සිටගෙන හිටියත් අනිත් සියලුම ලංකාවේ මිනිස්සු සීට් වල ඉඳගෙනයි හිටියේ . නමුත් කිසිම කෙනෙක් සීට් එකක් දෙන්න තරම් කාරුණික උනේ නෑ 🙂 අවසානයේ කිලෝමීටර් 38 ක් පමණ පැයක් පමණ කාලයක් මේ විදියට සිටගෙනම යන්න සිද්ධ උනා 🙏

මා දුටු විගස සැවොම නොදැක්කා වගේ බිම බලාගත්තේ අසුන දෙන්නට වේයැයි සිතමින්. කිලෝමීටර් 5 ක් පමණ ගියවිට එක් අයෙක් අසුනක් දෙන්නට උත්සාහ කරත් එය මා ප්‍රතික්ෂේප කරේ එතනම අනිත් පැත්තේ කාන්තාවක් සිටි නිසයි. තව ටික දුරක් ගියවිට කාන්තාවක් මල්ලිගෙන් කොහේටද යන්නේ කියා විමසා සිටියා එවිට මල්ලි පැවසුවේ “ගල්බොඩට තව පැය භාගයක් වගේ යන්නේ ” කියායි. නමුත් ඇයද එම අසුන දෙන්නට තරම් කාරුණික නොවූ අතර තම සැමියා සමඟ මුමණමින් අහක බලා සිටියා 🙂

මේ වෙලාවේ මාගේ නෙතට ළාවට කඳුළු උණමින් සිහිපත් වූ දේ අපමණයි. ඒ සිහිපත් කරේ වෙන කුමන දෙයක්වත් නොව මිනිස්සුන්ගේ සදාචාරය ගැනයි.

ජීවිතේ පළමු වතාවට මිනිස්සු ගැන කළ කිරීමක් ඇති උනා 🙏 මාව දැක්ක හැමෝම බිම බලාගෙන නොදැක්කා වගේ රඟපෑවා තවත් සමහරු නිදි වගේ රඟපෑවා… 🙏🙂

තව යුවලක් විදේශීය කාන්තාවකට අසුනක් දුන්නා 🙂🙏

මේ ඔක්කොම පැත්තකින් තියමු තව එක කාරණයක් තියෙනවා ඒ තමා එතනම පිටිපස්සට වෙන්න “පූජ්‍ය පක්ෂයට වෙන් කර ඇත” කියා බෝඩ් එකක් ගහලා තිබිලා තියෙනවා මං දැක්කෙත් නෑ මල්ලි තමා පස්සේ කිව්වේ 🙏🙂

අහපව් ගම්පොළට එනකොටත් ආවේ කෝච්චියේමයි හැබැයි ආයේ සෙනග මැද්දට ගියේ නෑ මොකද ගියා කියලා අසුනක් දෙන්නේ නෑ කියලා කලින්ම දන්න නිසා 😁😁 ඒ නිසා ගම්පොළට එනකම්ම දොර ළඟ හිටගෙනම ආවා. මොකටද අපේ බෞද්ධ දායකයොන්ට නිකන් කරදර කරන්නේ කියලා හිතුනා … 🙏🙂

ඔව් අපිට අසුනක් ඕනි නෑ අපිටත් කකුල් පන තියෙනවා . අපිට බලෙන් අසුනක් ගන්න අවශ්‍ය නෑ 🙏 ඒත් කොහොමද අපේ මිනිස්සු කතා කරන්නේ මේක අපේ බෞද්ධ රට කියලා😁 එහෙම කියන ඈයෝ ඉන්න රටේ තමා මෙහෙම දේවල් වෙන්නේ. නමට බෞද්ධ උනාට වැඩක් නෑ ක්‍රියාවෙන් ඔප්පු කරන්න බැරිනම් 🙏

පුංචි භික්ෂූන් වහන්සේ නමකට මේ වගේ දෙයක් උනානම් සමහරවිට මහණකම ගැන පවා කළ කිරීමක් ඇති විය හැකියි. භික්ෂූන් වහන්සේලා එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා සමස්ත මහා සංඝයාම එසේයැයි සිතන මෝඩ මිනිස්සුන්ගේ ඇස් ඇරේවා 🙏නුවණ පහල වේවා 🙏 ඉන්නේ ටික දෙනයි ඒ ටිකවත් රැකගන්න වැඩ කරනවා වෙනුවට අපේ මිනිස්සු කරන්නේ ඒ ටික දෙනාටත් කළ කිරෙන්න වැඩ කරන එකයි…..

භික්ෂූන් වහන්සේ කෙනෙක්ගේ වරදක් දුටු විගස අර සම්මා මේ සම්මා ගගා ශෙයා කරන ඈයෝ මේවට කතාවක්වත් නෑ මේවා ශෙයා කරන් නෑ ඒකතමා ඇත්ත 👍🙂 කොච්චර බණ කිව්වත් වැඩක් නෑ මේ රටේ මිනිස්සුන්ගේ මනසයි හදන්න ඕනි . ඒ වගේම මෙය මේ බෞද්ධ රටේ උන පළවෙනි සිදුවීමත් නොවෙයි ඒ වගේම අවසාන සිදුවීමත් නොවේවි ….🙏🙏
” කතාවෙන් නොව ක්‍රියාවෙන් බෞද්ධකම ඔප්පු කරන මිනිස්සු සැබෑම බෞද්ධයෝ ය.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
36
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16