දුම්රියේ දමාගිය බිළිඳා තවත් වසර තුනක් පරිවාස අධීක්ෂණයට

මීනගයා දුම්රියේ දමාගිය දරුවා තවත් වසර තුනක කාලයක් පරිවාස අධීක්ෂණ භාරයට පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පරිවාස නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකලපුව බලා ධාවනය වීමට සුදානම්ව තිබූ මිනගයා දුම්රියේ වැසිකිලියේ දමා ගොස් සිටියදී මෙම දරුවා සොයා ගැනුණේ පසුගිය මාර්තු 10 වනදායි.

මෙලෙස අලුත උපන් බිළිදෙකු දමා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බිලිඳාගේ මව සහ ඇගේ පෙම්වතා වූ දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට එම දිනවලම කටයුතු කෙරුණා.

එහිදී එම සැකකාරිය හා සැකකරු නිත්‍යානුකූලව විවාහ වී දරුවා භාරගැනීමට සූදානම් වූ බැවින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහැරීමට නියෝගයක් කරන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එදින අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව දරුවා දෙමාපියන් භාරයට පත් කෙරුණා. ඒ පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේයි.

මෙම නඩුව අද යළි කැදවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ දරුවාගේ පෝෂණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිසි පරිදී සිදුවන්නේ ද යන්න පිළිබද නිරීක්ෂණය කළ යුතු බවයි.

ඒ අනුව තවත් වසර තුනකට පරිවාස අධීක්ෂණ භාරයට පත් කිරීමටයි නියෝග කෙරුණේ.

සිද්ධිය වී දින කිහිපයකට පසුව ඔවුන් විවාහ වූ බවත් දරුවාගේ පියා කොළඹ රැකියාවක් කරන බවත් දරුවාගේ ආහාර පාන අවශ්‍යතා සියල්ල ඉටු කරන බවත් ඔවුන්ගේ නීතීඥවරිය අධිකරණයට දන්වා සිටියා.

දරුවාගේ මවට අයත් ජංගම දුරකතනය පොලිස් භාරයෙන් මුදා හරින ලෙසද ඇය ඉල්ලීමක් කළා. ඇපමත මුදා හැර සිටින යුවළ ද අධිකරණය හමුවේ අද පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?