දුම්රියේ දමාගිය බිළිඳා තවත් වසර තුනක් පරිවාස අධීක්ෂණයට

මීනගයා දුම්රියේ දමාගිය දරුවා තවත් වසර තුනක කාලයක් පරිවාස අධීක්ෂණ භාරයට පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පරිවාස නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකලපුව බලා ධාවනය වීමට සුදානම්ව තිබූ මිනගයා දුම්රියේ වැසිකිලියේ දමා ගොස් සිටියදී මෙම දරුවා සොයා ගැනුණේ පසුගිය මාර්තු 10 වනදායි.

මෙලෙස අලුත උපන් බිළිදෙකු දමා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බිලිඳාගේ මව සහ ඇගේ පෙම්වතා වූ දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට එම දිනවලම කටයුතු කෙරුණා.

එහිදී එම සැකකාරිය හා සැකකරු නිත්‍යානුකූලව විවාහ වී දරුවා භාරගැනීමට සූදානම් වූ බැවින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහැරීමට නියෝගයක් කරන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එදින අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව දරුවා දෙමාපියන් භාරයට පත් කෙරුණා. ඒ පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේයි.

මෙම නඩුව අද යළි කැදවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ දරුවාගේ පෝෂණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිසි පරිදී සිදුවන්නේ ද යන්න පිළිබද නිරීක්ෂණය කළ යුතු බවයි.

ඒ අනුව තවත් වසර තුනකට පරිවාස අධීක්ෂණ භාරයට පත් කිරීමටයි නියෝග කෙරුණේ.

සිද්ධිය වී දින කිහිපයකට පසුව ඔවුන් විවාහ වූ බවත් දරුවාගේ පියා කොළඹ රැකියාවක් කරන බවත් දරුවාගේ ආහාර පාන අවශ්‍යතා සියල්ල ඉටු කරන බවත් ඔවුන්ගේ නීතීඥවරිය අධිකරණයට දන්වා සිටියා.

දරුවාගේ මවට අයත් ජංගම දුරකතනය පොලිස් භාරයෙන් මුදා හරින ලෙසද ඇය ඉල්ලීමක් කළා. ඇපමත මුදා හැර සිටින යුවළ ද අධිකරණය හමුවේ අද පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58