දුම්රියේ ගැටීමෙන් හා විදුලි සැර වැදීමෙන් අලියෙක් සහ ඇතින්නක් මරුට (ඡායාරූප)

කිලිනොච්චියේ සහ මුලතිව් හි දී දුම්රියේ ගැටීමකින් සහ විදුලිසැර වැදීමෙන් වනඅලියෙකු සහ දල
ඇතින්නක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු රොමේෂ් සඳහන් කළේ; මෙම අනතුර ඊයේ පස්වරුවේ දී සිදු ව ඇති බවයි.

කිලිනොච්චිය මුරුකණ්ඩි ප්‍රදේශයේ දී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ උත්තර දේවී දුම්රියට වනඅලියෙකු ගැටීමෙන් එම වනඅලියා මිය ගොස් ඇති බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පවසනවා.

මේ අතර මුලතිව් ඔඩ්ඩුසුඩාන් පෙරිය සාලම්බන් ප්‍රදේශයේ දී කුඹුරු යායක දී විදුලිසැර වැදීමෙන් මිය ගිය දළ ඇතින්නකගේ මළසිරුරක් සොයා ගැනුණා.

අදාළ කුඹුරු යායට වනඅලි තර්ජනය හේතුවෙන් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙලෙස විදුලි සැර වැදීමෙන් ඇතින්න මිය ගොස් ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 15 ක් පමණ වයසැති දළ ඇතින්නක් වන අතර අදාළ කුඹුරට විදුලි රැහැන් අනවසරයෙන් ‍යෙදූ කුඹුරේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට ඔඩ්ඩුසුඩාන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

23 655d94e45db5d
23 655d910dbd5cd
ZZZZ 1
ZZZZ 2
ZZZZ 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?