දුම්රියත් හෙට නවතී

අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට හෙට (28) මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන ජනතා අරගලයන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.

ඒ අනුව දුම්රිය නියාමක සංගමය, දුම්රිය ස්ථානාධිපති සංගමය, ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් යුනියන්, දුම්රිය සේවක සංගමය, දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති තිහකට අධික ප්‍රමාණයක් විරෝධතාවයන්ට සහාය දැක්වීමට එක්වෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ඒ අනුව සියලු සේවකයින් සේවාවලින් ඉවත්ව වර්ජනයට සහයෝගය දැක්වීමට නියමිතය‍.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !