දුම්වැටි භාවිතය සඳහා දිනකට මෙරට පුද්ගලයන් රුපියල් මිලියන 520ක් (කෝටි 52ක්) වැය කරන බවත්, දුම්පානය හේතුවෙන් එක් දිනකට මෙරට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ ජීවිතක්ෂයට පත්වන බවත් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ලොව සිදුවන මරණ අතුරින් බෝනොවෙන රෝගවලින් සිදුවන මරණ ප්‍රමුඛ වන අතර ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතුරින් 83%ක් බෝනොවන රෝග නිසා ඇති වන බවත්, මෙරට ද බෝ නොවන රෝගඇති කරන ප්‍රධානතම සාධක හතර අතුරින් දුම්වැටි භාවිතය ප්‍රමුඛ සාධකයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පෙන්වා දී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙරට අලෙවි කරන දුම්වැටිවලින් 93.6ක්ම මිලදී ගනු ලබන්නේ දුම්වැටි එක දෙක වශයෙන් බවත්, මෙම තත්ත්වය දුම්වැටි භාවිතය අවම කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන අතර ලෝකයේ රටවල් 107ක් ඒකල වශයෙන් සිදුකරන දුම්වැටි අලෙවිය තහනම් කර ඇතැයි ද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.














