AFC Banner
Empty Ad
Empty Ad

දුන්නකින් විද පුද්ගලයින් දෙදෙනෙකු මැරූ ඝාතකයා අල්ලයි (VIDEO)

නෙදර්ලන්තයේ, අල්මේලෝ නගරයේ පුද්ගලයෙකු විසින් “ක්‍රෝස්බෝව් (Crossbow)” වර්ගයේ දුන්නකින් විද පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ (17) දිනයේ එරට වෙලාවෙන් උදෑසන 10ට පමණ මෙම සිදුවීම වී ඇත්තේ  අල්මේලෝ නගරයේ ස්ටේන්ස්ට්‍රාට් වීදියේ තට්ටු නිවාසයක් ආසන්නයේ දීය.

එම තට්ටු නිවාසයේ ඉහළ මහලේ සිටින පුද්ගලයෙකු විසින් මෙලෙස දුන්නක් රැගෙන පුද්ගලයින් පිරිසකට පහර දී තිබුණා. 

පසුව පොලීසිය විසින් දැඩි මෙහෙයුමකින් අනතුරුව පුද්ගලයා අත්අඩංගුවට ගන්න සමත්වි තිබෙනවා. එහිදී අපරාධකරුටද තුවාල සිදුවී තිබුණා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?