AFC Banner
AFC Banner
Empty Ad

දීර්ඝ නිවාඩුවත් සමඟ විශේෂ දුම්රිය සේවාවක්

එළඹෙන දීර්ඝ නිවාඩුව හේතුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා සහ බදුල්ල සහ කොළඹ කොටුව අතර ද මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ද දුම්රිය දෙපාර්තමේන්තුව පොලිසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂණ නිලධාරීන් මෙම මෙහෙයුම සඳහා යොදවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමඟ නායයාමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සුළු බාධාවක් එල්ල වී පැවතියා.

ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය පස් කණ්ඩියක් කඩා වැටී මෙලෙස බාධා එල්ල වී තිබූ අතර, එය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි දුම්රිය බලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?