දීපාවලී වෙනුවෙන් හැටන් නගර සභාවේ ඉඩම්වලින් මිලියන 03.05කට වැඩි ආදායමක්

එළබෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරීමට වෙන් කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාව රුපියල් 3, 668,000ක ආදායමක් උපයා ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න පවසනවා.

හැටන් තරු චතුරශ්‍රයේ සහ ශක්ති ශාලාව අසළ ව්‍යාපාර කටයුතු කිරිම සදහා ඉඩම් කැබලි වෙන් කර ඒ සදහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු වාර්තාවක් කැඳවා ටෙන්ඩර් පත් කැඳවූ බවත්, එසේ කැදවූ ටෙන්ඩර් පත් අද (03) දින නගර සභාවේ ලේකම් සහ මුදල් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ අධීක්ෂණය යටතේ විවෘත කල බවත්, එහිදි මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බවත් සභාපතිවරයා කියා සිටියා.

එළබෙන දීපාවලී උත්සව සමයේ පදික වේදිකාවේ වෙළදාම් කිරිමට අවසර ලබා නොදෙන බවත්, නගර සභාව විසින් වෙන් කර ඇති කොටසේ පමණක් ව්‍යාපාර කටයුතු සිදුකළ යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ටෙන්ඩර් පත් මගින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට ඉඩම් ලබා ගත් අයගෙන් ටෙන්ඩර් මුදලට අමතරව කැලි කසල බද්ද සහ ව්‍යාපාරික බද්දක් අය කර ඇති අතර, නගර සභාව විසින් ලබා දෙන නිර්ණායක යටතේ ව්‍යාපාර කටයුතු සිදු කල යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41
Video thumbnail
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ ගී රාජිනියගේ නිසල දේහය මහජන ගෞරව සඳහා දහවල් 1 දක්වා තැන්පත් කරයි
07:38
Video thumbnail
"අනේ අයියේ මූව ඉක්මනට ගෙනියපන්..අයියෝ"පස් දෙනෙක් රෝහල් ගතකළ බිහිසුණු අනතුර..
03:46
Video thumbnail
මග්ගොන වෙරළ තීරයෙන් අභිරහස් නිසල සිරුරක් හමුවෙලා..මිනිස්සු වටවෙලා බලන් ඉන්න හැටි
00:54
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:21:05
Video thumbnail
පොලිස්පති එක්ක වටගලත් ඇවිත් පොලිස් මූලස්ථානයේ කරපු දේ
01:36
Video thumbnail
හෙළයේ ගී කෝකිලාවියගේ නිසල දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන යන හැටි
01:48
Video thumbnail
වෙ# වැඳුණු බන්ධනාගාර රැඳවියා රැගෙන යන අයුරු..මෙන්න දැන් ලැබුණු එහි නවතම දර්ශන
01:09
Video thumbnail
නාගොඩ රෝහලේ දැඩි ආරක්ෂාවක් මැද සිටි බන්ධනාගාර රැඳවියෙකුට වෙ# පත්තු වෙයි
01:21


?