දීපාවලී වෙනුවෙන් හැටන් නගර සභාවේ ඉඩම්වලින් මිලියන 03.05කට වැඩි ආදායමක්

එළබෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරීමට වෙන් කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාව රුපියල් 3, 668,000ක ආදායමක් උපයා ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න පවසනවා.

හැටන් තරු චතුරශ්‍රයේ සහ ශක්ති ශාලාව අසළ ව්‍යාපාර කටයුතු කිරිම සදහා ඉඩම් කැබලි වෙන් කර ඒ සදහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු වාර්තාවක් කැඳවා ටෙන්ඩර් පත් කැඳවූ බවත්, එසේ කැදවූ ටෙන්ඩර් පත් අද (03) දින නගර සභාවේ ලේකම් සහ මුදල් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ අධීක්ෂණය යටතේ විවෘත කල බවත්, එහිදි මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බවත් සභාපතිවරයා කියා සිටියා.

එළබෙන දීපාවලී උත්සව සමයේ පදික වේදිකාවේ වෙළදාම් කිරිමට අවසර ලබා නොදෙන බවත්, නගර සභාව විසින් වෙන් කර ඇති කොටසේ පමණක් ව්‍යාපාර කටයුතු සිදුකළ යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ටෙන්ඩර් පත් මගින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට ඉඩම් ලබා ගත් අයගෙන් ටෙන්ඩර් මුදලට අමතරව කැලි කසල බද්ද සහ ව්‍යාපාරික බද්දක් අය කර ඇති අතර, නගර සභාව විසින් ලබා දෙන නිර්ණායක යටතේ ව්‍යාපාර කටයුතු සිදු කල යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41