AFC Banner
Empty Ad
Empty Ad

දීපාවලි දිනයේ පන්සලේ විශේෂ සැමරුමක් – දමිළ දරුවන් බුදුන්ගේ ගුණ ගායනා (ඡායාරූප)

දීපාවලි දිනයේ විශේෂ වැඩසටහක් අද (12) වවුනියාව, තිරුවේගම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.

විහාරස්ථානයේ ඉදි කළ නව දාගැබ් වහන්සේගේ ධාතු තැන්පත් කිරීම හා කොත නිරාවරණය කිරීමේ වැඩසටහනට සමගාමීවයි දමිළ දරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ සැමරුම පැවැත්වුණේ.

දීපාවලි දිනය යෙදෙන අද වවුනියාව සිදම්බරපුරම් හා කට්කුලි යන දමිළ ගම්මානවල දරුවන් බුදුන්ගේ ගුණ ගායනා කරමින් නර්ථන අංගයක් ඉදිරිපත් කළ අතර, දමිළ දරුවන් තිරුවේගම විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ වෙත මල් පුජා කරමින් ආශිර්වාද ලබාගත්තා.

මහචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, අචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ඉදිරිපස දමිළ දරුවන් බුදු ගුණ ගායනා කරමින් නර්තයේ නිරත වුණා.

දමිළ දරුවන් සිය නිවෙස්වලින් මල් ගෙනැවිත් බුදුන් වෙනුවෙන් පුජා කිරීම ද සිදු කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තිරුවේගම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති අලුත්හල්මිල්ලෑවේ සිරිවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාවට සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?