දීපාවලි දිනයේ පන්සලේ විශේෂ සැමරුමක් – දමිළ දරුවන් බුදුන්ගේ ගුණ ගායනා (ඡායාරූප)

දීපාවලි දිනයේ විශේෂ වැඩසටහක් අද (12) වවුනියාව, තිරුවේගම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.

විහාරස්ථානයේ ඉදි කළ නව දාගැබ් වහන්සේගේ ධාතු තැන්පත් කිරීම හා කොත නිරාවරණය කිරීමේ වැඩසටහනට සමගාමීවයි දමිළ දරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ සැමරුම පැවැත්වුණේ.

දීපාවලි දිනය යෙදෙන අද වවුනියාව සිදම්බරපුරම් හා කට්කුලි යන දමිළ ගම්මානවල දරුවන් බුදුන්ගේ ගුණ ගායනා කරමින් නර්ථන අංගයක් ඉදිරිපත් කළ අතර, දමිළ දරුවන් තිරුවේගම විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ වෙත මල් පුජා කරමින් ආශිර්වාද ලබාගත්තා.

මහචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, අචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ඉදිරිපස දමිළ දරුවන් බුදු ගුණ ගායනා කරමින් නර්තයේ නිරත වුණා.

දමිළ දරුවන් සිය නිවෙස්වලින් මල් ගෙනැවිත් බුදුන් වෙනුවෙන් පුජා කිරීම ද සිදු කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තිරුවේගම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති අලුත්හල්මිල්ලෑවේ සිරිවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාවට සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38