AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික්ක කිහිපයකට අද තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඊට අමතරව වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ.

බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට දැනුම්දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?