දිවුලපිටියේ පුද්ගලයෙක් තියුණු ආයුධ සහ පොලුවලින් පහර දී මරාදාලා

දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රී කාලයේ තියුණු ආයුධ සහ පොලුවලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා දිවුලපිටිය රෝහට ඇතුළත් කිරීමෙන් පසු, ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ දිවුලපිටිය, මඩම්පැල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක අයෙක්.

අපරාධය සිදුකළ බව කියන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
9
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?