දිවි නසාගන්න පාසලේ ගොඩනැගිල්ලෙන් බිමට පැන්න සිසුවාගේ ජීවිතය නූලෙන් බේරෙයි

යාපනය හින්දු විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් ඊයේ (13) පාසලේ ගොඩනැගිල්ලේ තුන්වන මහලෙන් පැන සියිදිවි හානිකරගනීමට උත්සාහ ගෙන ඇති බව වාර්තා වනවා.

තුන්වන මහලෙන් බිමට පැන ඇති පාසල් සිසුවා බරපතළ තත්ත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පාසල් සිසුවා පාසල් ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ සිට බිමට පැන ඇති අවස්ථාවේ දී දෙවැනි තට්ටුවට ඇද තිබූ විදුලි
රැහනක පැටලී බිමට වැටීම හේතුවෙන් සිසුවාගේ ජීවිතය බේරී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පාසල් සිසුවා සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමට හේතුව නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර, සිසුවා පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී සිටි බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

පාසල් සිසුවා විසින් ලියන ලද පිටු 07කින් යුත් ලිපියක් ද සිසුවාගේ බෑගයේ තිබී හමුව ඇති අතර, එහි සඳහන්ව ඇත්තේ අදාළ පරිගණක ක්‍රීඩාවේ දී තමන්ට ලැබෙන අභියෝගයන් සිදුකිරීම බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් අදාළ සිසුවා මෙලෙස පාසල් ගොඩනැගිල්ලෙන් පැනීමට උත්සාකර ඇති බවට සැකයක් ද මතුවන බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16