දිවි නසාගන්න පාසලේ ගොඩනැගිල්ලෙන් බිමට පැන්න සිසුවාගේ ජීවිතය නූලෙන් බේරෙයි

යාපනය හින්දු විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් ඊයේ (13) පාසලේ ගොඩනැගිල්ලේ තුන්වන මහලෙන් පැන සියිදිවි හානිකරගනීමට උත්සාහ ගෙන ඇති බව වාර්තා වනවා.

තුන්වන මහලෙන් බිමට පැන ඇති පාසල් සිසුවා බරපතළ තත්ත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පාසල් සිසුවා පාසල් ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ සිට බිමට පැන ඇති අවස්ථාවේ දී දෙවැනි තට්ටුවට ඇද තිබූ විදුලි
රැහනක පැටලී බිමට වැටීම හේතුවෙන් සිසුවාගේ ජීවිතය බේරී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පාසල් සිසුවා සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමට හේතුව නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර, සිසුවා පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී සිටි බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

පාසල් සිසුවා විසින් ලියන ලද පිටු 07කින් යුත් ලිපියක් ද සිසුවාගේ බෑගයේ තිබී හමුව ඇති අතර, එහි සඳහන්ව ඇත්තේ අදාළ පරිගණක ක්‍රීඩාවේ දී තමන්ට ලැබෙන අභියෝගයන් සිදුකිරීම බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් අදාළ සිසුවා මෙලෙස පාසල් ගොඩනැගිල්ලෙන් පැනීමට උත්සාකර ඇති බවට සැකයක් ද මතුවන බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?