දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 45,000ක් – විදුලි පාරිභෝගිකයින්ට දැනුම්දීමක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 45,000ක් පමණ වාර්තා වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම විදුලිය බිඳ වැටීවලින් 20,000ක් පමණ මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විදුලි බිඳ වැටුම් පිළිබඳ විදුලිබල මණ්ඩලයේ ඇමතුම් මධ්‍යස්ථාන වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණය ද ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් එම පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා EBCare ජංගම දුරකථන යෙදුම, CEBCare වෙබ් අඩවිය, 1987 කෙටි පණිවිඩ සේවාව හෝ ස්වයං සේවා IVR පද්ධතිය ආදී ඩිජිටල් මාධ්‍ය භාවිත කරන ලෙස විදුලි පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?