AFC Banner
AFC Banner
Empty Ad

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 741ක් පොලිස් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ වූ මෙහෙයුමට සගාමීව ඊයේ (28) දින සිදුකළ වැටලීම් 742කට අදාලව සැකකරුවන් 728ක් හා සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් සැකකරුවන් 34ක් වැඩිදුර විමර්ශන සදහා රදවාගෙන තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට අපේක්ෂිතව ඇති අතර, එක් සැකකරුවන් 17 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිතයි.

තවත් සැකකරුවන් 17 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට කටයුතු සිදු කරමින් පවතින බව පොලිසිය පවසනවා.

මෙම මෙහෙයුමේ දී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 180ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 109ක්, ගංජා ග්‍රෑම් 212ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදුකල මුළු වැටලීම් 449කදී සැකකරුවන් 439ක් හා සැකකාරියන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 07ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් හා ගංජා ග්‍රෑම් 93ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදුකල මුළු වැටලීම් 70කදී සැකකරුවන් 70ක් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම වැටලීම් සම්බන්ධ වාර්තාව පහතින්,

image 37
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?