දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා – නීතිපති

යාපනය දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් සකස් කරන බව නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

යාපනය අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යාපනයේ පදිංචිකාරියක වන වෛද්‍ය උමා සුකී නඩරාජා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (06) කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

යාපනය අර්ධද්වීපයේ වායු ගුණත්වය පිළිබඳව පුරා මාසයක් සමීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීට පෙර අභියාචනාධිකරණය විසින් මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබුණා.

එම නියෝගයට අනුව අදාළ සමීක්ෂණ වාර්තාව නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සමීක්ෂණ වාර්තාව පිරික්සීමේදී යාපනය අර්ධද්වීපයේ වායුව තුළ සම්මත මට්ටම අබිබවා ගිය අහිතකර සංඝටක ප්‍රමාණයක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කියා සිටියා.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ, යාපනය අර්ධද්වීපය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවන බවත්, ඒ සඳහා විදේශීය ආයතන සහ සංවිධානවලින් ද ප්‍රතිපාදන ලබාගෙන එම කටයුතු ඉටු කිරීමට සැලසුම් කර ඇති බවත්, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දන්වා සිටියා.

ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය ඉදිරියේ දී වාර්තා කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම ජූලි මස 05 වැනිදා යළි කැඳවීමට නියම කෙරුණා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ යාපනය අර්ධද්වීපය තුළ බැහැර කරන විවිධ අහිතකර ද්‍රව්‍ය සහ ඉන්දියාව වැනි අසල්වැසි රාජ්‍යයන්ගෙන් ඇදී එන අහිතකර සංඝටක හේතුවෙන් අර්ධද්වීපය තුළ පවතින වායු ගුණත්වය පහළ වැටී තිබෙන බවයි.

මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කළත් වායු ගුණත්වය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය වන වැඩපිළිවෙළක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් යාපනය අර්ධද්වීපයේ වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?