දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා – නීතිපති

යාපනය දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් සකස් කරන බව නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

යාපනය අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යාපනයේ පදිංචිකාරියක වන වෛද්‍ය උමා සුකී නඩරාජා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (06) කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

යාපනය අර්ධද්වීපයේ වායු ගුණත්වය පිළිබඳව පුරා මාසයක් සමීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීට පෙර අභියාචනාධිකරණය විසින් මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබුණා.

එම නියෝගයට අනුව අදාළ සමීක්ෂණ වාර්තාව නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සමීක්ෂණ වාර්තාව පිරික්සීමේදී යාපනය අර්ධද්වීපයේ වායුව තුළ සම්මත මට්ටම අබිබවා ගිය අහිතකර සංඝටක ප්‍රමාණයක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කියා සිටියා.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ, යාපනය අර්ධද්වීපය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවන බවත්, ඒ සඳහා විදේශීය ආයතන සහ සංවිධානවලින් ද ප්‍රතිපාදන ලබාගෙන එම කටයුතු ඉටු කිරීමට සැලසුම් කර ඇති බවත්, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දන්වා සිටියා.

ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය ඉදිරියේ දී වාර්තා කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම ජූලි මස 05 වැනිදා යළි කැඳවීමට නියම කෙරුණා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ යාපනය අර්ධද්වීපය තුළ බැහැර කරන විවිධ අහිතකර ද්‍රව්‍ය සහ ඉන්දියාව වැනි අසල්වැසි රාජ්‍යයන්ගෙන් ඇදී එන අහිතකර සංඝටක හේතුවෙන් අර්ධද්වීපය තුළ පවතින වායු ගුණත්වය පහළ වැටී තිබෙන බවයි.

මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කළත් වායු ගුණත්වය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය වන වැඩපිළිවෙළක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් යාපනය අර්ධද්වීපයේ වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21