දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (08) පස්වරු 01.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති වන බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?