දිවයිනට ආ ඉන්දුනීසියානු සුල්තාන් හමුදා උත්තමාචාර මැද පිටව යයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් ව ගොස් තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම නෞකාව නිල සංචාරයක් සඳහා පෙරේදා (28) දිනයේ දී දිවයිනට පැමිණි බවයි.

දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේ දී සිදු කෙරුණා.

නෞකාවේ අණදෙන නිලධාරී කොමාන්ඩර් ANUGERAH ANNURULLAH, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ සමඟ නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේ දී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් බුද්ධික ලියනගමගේ සමඟ නිල හමුවක් නාවික හමුදා මුලස්ථානයේ දී ද අද දින පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ද ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?