AFC Banner
Empty Ad

දිල්ලි නුවර රෝහලක කාන්තා වැසිකිළියේ දුරකථනය සැඟවූ සේවකයෙක් අත්අඩංගුවට

දිල්ලි නුවර පිහිටි රජයේ රෝහලක කාන්තා වැසිකිළිය තුළ කැමරාව ක්‍රියාත්මක කර ජංගම දුරකථනයක් සඟවා තිබූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සඟවා තිබූ ජංගම දුරකථනය හදිසියේ නාද වීමත් සමඟ වැසිකිළියට ගිය කාන්තාවකගේ අවධාන යොමුව ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී සඟවා තිබූ ජංගම දුරකථනය සොයාගැනීමට හැකිව ඇති අතර, එය රෝහලේ කාර්ය මණ්ඩලය සේවකයෙකුගේ බවට අනාවරණය කර ගෙන තිබෙනවා.

අනතුරුව සැකකාර රෝහල් සේවකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ජංගම දුරකථනයක් වැසිකිළිය තුළ සඟවා තැබූ බවට පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

තමන් පසුගිය මාසයක පමණ කාලයක සිට මෙම ක්‍රියාව සිදුකරන යන බවයි සැකකරු වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?