දිල්ලි කැපිටල්ස් ප්‍රධාන පුහුණුකාරීත්වය හේමන්ග් බඩානිට – ගංගුලිගේ තනතුර රාඕට

2025 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් (DC) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරී තනතුර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරු වන හේමන්ග් බඩානි පත් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කළේ හේමන්ග් බඩානි (Hemang Badani) අද (17) දිනයේ දී සිය ධුරයේ වැඩ කටයුතු ඇරඹූ බවයි.

එමෙන්ම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ඉන්දීය පිතිකරු වෙනුගෝපාල් රාඕ (Venugopal Rao) පත් ව තිබෙනවා.

මීට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දැරුවේ ඔස්ට්‍රෙලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන රිකී පොන්ටින්ග් විසින්.

නමුත් ඔහු වසර 07කට ආසන්න කාලයකින් අනතුරුව එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.

ඉන්පසුව පුරප්පාඩු වූ එම ධුරයටයි බඩානිව පත් කර ඇත්තේ.

හිටපු ඉන්දීය නායක සවුරව් ගංගුලි විසින් ඉටු කරන ලද ක්‍රිකට් අධ්‍යක්ෂවරයාගේ භූමිකාවේ වගකීම මෙවර රාඕට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26