දිල්ලිය පැරදූ පන්ජාබයට කඩුළු 04ක තියුණු ජයක්

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුළු 04 ක තියුණු ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අද(23)දිනයේ සමත් වුණා.

මෙම තරගය ජය ගැනීම සදහා ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 04ක් ඉතිරිව තිබියදී කඩුලු 06ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමටයි සමත් වුණේ.

සෑම් කරන් පන්දු 47 කින් ලකුණු 63 ක් ලබා ගත් අතර ලියම් ලිවින්ග්ස්ටන් නොදැවී පන්දු 21කින් රැස් කල ලකුණු සංඛ්‍යාව 38 ක්.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 174 ක්.

එහිදී ඩේවිඩ් වෝනර් පන්දු 21කින් ලකුණු 29ක්, ෂේයි හෝප් පන්දු 25කින් ලකුණු 33ක් ලබා ගත්තා.

එමෙන්ම අවසන් පන්දුවාරයේ දී ලබා ගත් ලකුණු 25 ද සමගින් පන්දු 10 කින් නොදැවී ලකුණු 32 ක් ලබා ගත් අභිෂේක් පොරෙල් දිල්ලි කණ්ඩායම ලකුණු 170 සීමාව පසු කර රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවිමේ දී අර්ෂ්දීප් සිං හා හර්ෂාල් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08