අපහාස කළ දොසට මව හා පොඩි පුතු පරලොව යවලා

දිල්ලියේ – ලජ්ජාත් නගර් 1 හි පිහිටි නිවාස සංකීර්ණයක දී බිහිසුණු ඝාතනයක් සිදු ව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ ව්‍යාපාරිකයෙකුගේ බිරිඳ සහ ඔහුගේ බාල වයස්කාර පුත්‍රයා යි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මරණකාරියගේ සැමියා වන කුල්දීප් සෙවානිගේ ඇඟලුම් සාප්පුවේ සේවය කරමින් සිටි 24 හැවිරිදි මුකේෂ් පස්වාන් නමැත්තෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූවන් වයස අවුරුදු 42ක් සහ 14 හැවිරිදි වියෙහි පසුවන බවයි වාර්තා වන්නේ.

පොලිසිය ඉදිරියේ සැකකරු සිදු කර ඇති පාපොච්චාරණයට අනුව සැකකරු විසින් මරණකාරිය වන රුචිකා සහ ඇයගේ පුතු වූ ක්‍රිෂ් ගේ ගෙල කපා දමා ඇති බවත් ඊට හේතුව අදාළ තැනැත්තිය සාප්පුවේ දී ඔහුට සිදු කළ නින්දා සහගත බැණ වැදීම බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ප්‍රාන්ත පොලිස් නිලධාරියෙකු සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කර ඇත්තේ;

“නිවස පුරා ලේ තිබුණා. කාන්තාවගේ ගෙල කපා ඇඳ අසල බිම කාමරයක මියගොස් සිටියා. අපි වැසිකිළිය විවෘත කරන විට, පුතා ඇතුළත මියගොස් සිටි අතර ඔහුගේ උගුර ද කැපී තිබුණා,” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?