AFC Banner
Empty Ad
Empty Ad

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ නිදොස් කොට නිදහස්

සේවා තහනමට ලක්ව සිටින අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

2019 සැප්තැම්බර මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ දුරකථන සංවාදයක් හේතුවෙනුයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇයගේ වැඩ තහනම් කර අනිවාර්ය නිවාඩු යවා තිබුණේ.

හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර මෙම දුරකථන සංවාදය සිදුව ඇති බව වාර්තා වන්නේ හිටපු සොලිසිටර් ජනරාල්වරයා, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට පැමිණ සිටියදී ඇති වූ බව කියන ප්‍රසම්පාදන ගැටලුවක් සම්බන්ධයෙන්.

මොරටුව විශ්වවිද්‍යාලයේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් මීට පෙර නිකුත් කළ වාර්තා අනුව වික්‍රමසිංහ මහත්මිය සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

විශේෂඥ වාර්තා පවසන්නේ අදාළ දුරකථන සංවාදයේ පටිගත කිරීම සංස්කරණය කර ඇති බවයි.

සිද්ධිය වන විට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ එම හඩපටය ප්‍රචාරයවීමත් සම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2019 වසරේ සැප්තැම්බර් 24 වනදා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කළා.

2021 වසරේ මොරටුව විශ්වවිද්‍යාලය හා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකින් හෙළිවූයේ එම හඩපටයේ සම්පූර්ණ දුරකතන සංවාදයම විකෘති කිරීමට සංස්කරණය කර ඇති බවයි.

දැනට විශ්‍රාම ගොස් සිටින දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ හිඟ වැටුප් සහ අවශ්‍ය වරප්‍රසාද ඉදිරියේදී ලබාදීමට නියමිත බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?