දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ නිදොස් කොට නිදහස්

සේවා තහනමට ලක්ව සිටින අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

2019 සැප්තැම්බර මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ දුරකථන සංවාදයක් හේතුවෙනුයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇයගේ වැඩ තහනම් කර අනිවාර්ය නිවාඩු යවා තිබුණේ.

හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර මෙම දුරකථන සංවාදය සිදුව ඇති බව වාර්තා වන්නේ හිටපු සොලිසිටර් ජනරාල්වරයා, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට පැමිණ සිටියදී ඇති වූ බව කියන ප්‍රසම්පාදන ගැටලුවක් සම්බන්ධයෙන්.

මොරටුව විශ්වවිද්‍යාලයේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් මීට පෙර නිකුත් කළ වාර්තා අනුව වික්‍රමසිංහ මහත්මිය සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

විශේෂඥ වාර්තා පවසන්නේ අදාළ දුරකථන සංවාදයේ පටිගත කිරීම සංස්කරණය කර ඇති බවයි.

සිද්ධිය වන විට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ එම හඩපටය ප්‍රචාරයවීමත් සම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2019 වසරේ සැප්තැම්බර් 24 වනදා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කළා.

2021 වසරේ මොරටුව විශ්වවිද්‍යාලය හා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකින් හෙළිවූයේ එම හඩපටයේ සම්පූර්ණ දුරකතන සංවාදයම විකෘති කිරීමට සංස්කරණය කර ඇති බවයි.

දැනට විශ්‍රාම ගොස් සිටින දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ හිඟ වැටුප් සහ අවශ්‍ය වරප්‍රසාද ඉදිරියේදී ලබාදීමට නියමිත බවද වාර්තා වනවා.

  1. මේ වගේ තක්කඩි වැඩ ක්‌ කරපු අය ගැන සොයා බලා දැඩි දඩුවම් දිය යුතුයි අපේ රටේ නීතිය පන මදි. මේ වීඩියෝව තලුමර මර ඊනියා සමාජ මාද්‍ය ඒකාලේ ප්‍රචාරය කලා මතකය්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39