දියේ ගිලීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට

ඊයේ (24) දිනය තුල ප්‍රදේශ කිහිපයකදී දියේ ගිලීම්වලින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තැන්නේකුඹුර, තිත්තමඩම සහ ඕපාත ප්‍රදේශවලිනුයි මෙම අනතුරු වාර්තා වී ඇත්තේ.

ඊයේ දහවල් මහවැලි ගඟේ තැන්නේකුඹුර පාලම අසල තම ඥාතීන් සමග දිය නෑමට ගිය පිරිමි ළමයෙකු දියේ ගිලීමෙන් මරණයට පත්ව තිබෙනවා.

දියේ ගිලී අනතුරට ලක්වූ ඔහු ගොඩට ගෙන මහනුවර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

මෙලෙස මරණයට පත්වූයේ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි ළමයෙක්. මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර පල්ලෙකැලේ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර දැදුරු ඔයේ තිත්තමඩම ප්‍රදේශයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි අවුරුදු 4ක දැරියක් දියේ ගිලී මරණයට පත්වුණා.

ඊයේ සවස දියේ ගිලී බරපතල තත්වයේ සිටි දැරිය හලාවත රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවටයි වාර්තා වී ඇත්තේ. ඇය කුරුණෑගල අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචි දැරියක්.

දෙමව්පියන් සමග විනෝද චාරිකාවක් යමින් සිටියදී දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

කුඩා දැරියගේ සිරුර හලාවත රෝහලේ තැන්පත් කර ඇති අතර හලාවත පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

මේ අතර ඕපාත ප්‍රදේශයේදී ඇලකට වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස තලංගල්ල ඇලේ තුම්මෝදර ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ මල්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර තිබෙනවා. ඕපාත පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?