දියර පොහොර භාවිත කරන්නේ පරිස්සමින්.. හිටි හැටියේම ගොවියෙකු ඇඳ වැටෙයි

රජය මගින් ලබාදුන් දියර පොහොර වර්ගයක් කුඹුරට ඉසින අතරතුර සිදු වූ ආසාත්මික තත්ත්වයක් නිසා, අරලගංවිල කන්දේගම ප්‍රදේශයේ ගොවි මහතෙකු 15 වෙනිදා සවස පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය පවසනවා. මෙලෙස කුඹුරේ ඇද වැටී සිටියදී, රෝහල් ගත කර ඇත්තේ අරලගංවිල කන්දේගම දම්මින්න අංක 338 ලිපිනයේ පදිංචිව සිටි හතළිස් හත් වියති තිදරු පියකු වන ඒ. කේ. එන්. සිරිවර්ධන යන අය බවයි අප වාර්තාකරු පැවසුවේ.

කන්දේගම ගොවි සංවිධානය මගින් මෙම දියර පොහොර වර්ගය, තම ස්වාමියාට ලබාදුන් බවත් ඔහු, 15 වෙනිදා උදෑසන එම් දියර පොහොර වර්ගය කුඹුරුට ඉසීමට ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් , සොයා ගිය පසු වමනය දමා ඒ අසලම වැටි සිටි බවත් ඔහුගේ බිරිඳ පවසනවා. ඉන් පසුව 1990 ගිලන් රථ සේවාව මගින් අරලගංවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ සැමියා පොලොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරු – මනම්පිටිය නිමල්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?