AFC Banner
Empty Ad
Empty Ad

දියර පොහොර කෑන් පුපුරණ හේතුව එළියට

දියර පොහොර කෑන් පුපුරායෑමට හේතුව පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැහැදිලි කිරීමක් සිදු කළා.

මහාචාර්යවරිය එහිදී පෙන්වා දුන්නේ මෙලෙස පුපුරා යන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර නොවන බවයි.

එහිදී ඇය මෙසේ ද සඳහන් කළා.

“දියර පොහොර කෑන් පුපුරණවා අපි දකිනවා. නැනෝ නයිට්‍රජන් පොහොර නෙමෙයි මේ පුපුරන්නේ. මේ පිපිරීමට ලක්වෙන්නේ වෙනත් පාර්ශ්වයක් හඳුන්වා දුන්න දියර පොහොරක්. මේ දියර පොහොරවල දකින්න ලැබෙන්නේ මාළු අපද්‍රව්‍ය. මාළු අපද්‍රව්‍ය නිසා මේ පොහොර තුළ ඉන්න බැක්ටීරියා වාර්ධනය වෙනවා. ඉතාමත් විශාල විදිහට. බැක්ටීරියා කියන්නෙත් ජීවින් කොට්ඨාසයක්. ඒගොල්ලොත් හුස්ම ගන්නවා. එතකොය කාබන්ඩයොක්සයිඩ් වගේ විවිධ වායු ජනනය වෙනවා. ඒ වායු එළියට යන්න ඉඩ නැති නිසා තමයි කෑන් ඉදිමෙන්නේ. පීඩනය වැඩි වුණාම පුපුරා යනවා. හරි නිර්ණායක යටතේ කාබනික පොහොර නිෂ්පාදනය නොකිරීම නිසා මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. අනික මේ ප්‍රතිපත්තියට අපි පූර්ව සූදානමක් හදාගත්තේ නැති නිසා තමයි ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. මේ පොහොරවල අස්වැන්න අපිට දකින්න ලැබෙන්නේ තවත් මාස තුන හතරකින්. හිතෙන තරම් අස්වැන්නක් නොලැබුණොත් අපි දැඩි ආහාර අර්බුදයකට ලක්වෙන්න පුළුවන්. ඒක ලංකාවට දරාගන්න බැරිවෙයි.”

මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා ලබාදුන් දියර පොහොර කෑන් පුපුරා යන බව හොරෝපතාන ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා. මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සිය ගොවි සංවිධානයට දියර පොහොර කෑන් 200ක් පමණ ලබා දුන් බවත් මේ වනවිටත් ඉන් කෑන් 100ක් පමණ පුපුරා ගොස් දියර පොහොර අපතේ යන බවත් හොරොව්පොතාන ගොවි සංවිධානයේ සභාපතිවරයා පවසනවා. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, මෙලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සිය ගොවි සංවිධානයට ලබා දුන් කාබනික දියර පොහොර තමන් භාවිත කරන පොහොර ඉසින යන්ත්‍ර හරහා ඉසීමට නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
මිනිස්සු මාව එපා කියන්නේ නෑ - ෆේස්බුක් බැලුවම ඒක පේනවනේ
04:49
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55

?