දියර පොහොර කෑන් පුපුරණ හේතුව එළියට

දියර පොහොර කෑන් පුපුරායෑමට හේතුව පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැහැදිලි කිරීමක් සිදු කළා.

මහාචාර්යවරිය එහිදී පෙන්වා දුන්නේ මෙලෙස පුපුරා යන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර නොවන බවයි.

එහිදී ඇය මෙසේ ද සඳහන් කළා.

“දියර පොහොර කෑන් පුපුරණවා අපි දකිනවා. නැනෝ නයිට්‍රජන් පොහොර නෙමෙයි මේ පුපුරන්නේ. මේ පිපිරීමට ලක්වෙන්නේ වෙනත් පාර්ශ්වයක් හඳුන්වා දුන්න දියර පොහොරක්. මේ දියර පොහොරවල දකින්න ලැබෙන්නේ මාළු අපද්‍රව්‍ය. මාළු අපද්‍රව්‍ය නිසා මේ පොහොර තුළ ඉන්න බැක්ටීරියා වාර්ධනය වෙනවා. ඉතාමත් විශාල විදිහට. බැක්ටීරියා කියන්නෙත් ජීවින් කොට්ඨාසයක්. ඒගොල්ලොත් හුස්ම ගන්නවා. එතකොය කාබන්ඩයොක්සයිඩ් වගේ විවිධ වායු ජනනය වෙනවා. ඒ වායු එළියට යන්න ඉඩ නැති නිසා තමයි කෑන් ඉදිමෙන්නේ. පීඩනය වැඩි වුණාම පුපුරා යනවා. හරි නිර්ණායක යටතේ කාබනික පොහොර නිෂ්පාදනය නොකිරීම නිසා මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. අනික මේ ප්‍රතිපත්තියට අපි පූර්ව සූදානමක් හදාගත්තේ නැති නිසා තමයි ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. මේ පොහොරවල අස්වැන්න අපිට දකින්න ලැබෙන්නේ තවත් මාස තුන හතරකින්. හිතෙන තරම් අස්වැන්නක් නොලැබුණොත් අපි දැඩි ආහාර අර්බුදයකට ලක්වෙන්න පුළුවන්. ඒක ලංකාවට දරාගන්න බැරිවෙයි.”

මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා ලබාදුන් දියර පොහොර කෑන් පුපුරා යන බව හොරෝපතාන ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා. මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සිය ගොවි සංවිධානයට දියර පොහොර කෑන් 200ක් පමණ ලබා දුන් බවත් මේ වනවිටත් ඉන් කෑන් 100ක් පමණ පුපුරා ගොස් දියර පොහොර අපතේ යන බවත් හොරොව්පොතාන ගොවි සංවිධානයේ සභාපතිවරයා පවසනවා. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, මෙලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සිය ගොවි සංවිධානයට ලබා දුන් කාබනික දියර පොහොර තමන් භාවිත කරන පොහොර ඉසින යන්ත්‍ර හරහා ඉසීමට නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03
Video thumbnail
අපි එනකොට කාටවත් වාහන ගන්න පුළුවන් විදියක් තිබ්බේ නෑනේ..හෙට වාහනයක් ගත්තොත් ඒකට අධිභාරයක් නෑ
03:51
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
00:42
Video thumbnail
රට බේරගත්ත රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
01:15
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු
01:34
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46